ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ධ සංශෝධන කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක් සදහා රුපියල් 100 ක බද්දක් අය කිරීමට නියමිත බව සදහන්.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වූ පරිදි මෙම බදු සංශෝධනය සිදු කර තිබෙනවා.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සදහා සියයට 20 ක හෝ රුපියල් 225 ක රේගු ආනයනික බද්ධක් පනවා තිබූ අතර පසුගිය කාලයේදී එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සදහා පනවනු ලැබූ රුපියල් 100 ක බද්ධ නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content