ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට කල ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් වන බැවින් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පනවන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

දේශීය අර්තාපල් අස්වැන්න නෙළන සෑම අවස්ථාවකම අර්තාපල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය අර්තාපල් වගාව අත්හැර දමන තත්ත්වයකට ගොවීන් පත්ව සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

https://www.vnews.lk/storage/2023/02/MAHINDA-AMARAWEERA-EDIT-1-1.mp3?_=1

මේ අතර ආනයනික අර්තාපල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 110ත් 120ත් අතර මිලකට බවයි ගොවීන් පවසන්නේ.

පොහොර සහ බීජ මිල අධික වීම හේතුවෙන් අර්තාපල් කිලෝවක් 120ක මිලකට ලබාදීමට නොහැකි බවයි ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content