ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය අද අනුමැතිය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ කොළඹ වරායට පැමිණි බවයි.

ඉන්දියාවේ සිට පළමුවරට බිත්තර මිලියන දෙකක ප්‍රමාණයක් පසුගිය 23 වනදා ආනයනය කර තිබුණා.

ඒ අනුව මේ දක්වා ඉන්දියාවෙන් ආනයනය කළ සමස්ත බිත්තර ප්‍රමාණය මිලියන 4ක් වනවා.

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බේකරි නිෂ්පාදන සදහා ලබා දීම සිදුකෙරුණා.

අදාළ බිත්තර සාමාන්‍ය ජනතාවට අලෙවි කිරීමට මෙතක් අවසර ලබා දී නොමැති බවයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සදහන් කළේ.

WhatsApp Group

Skip to content