ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා .

විදෙස් වාර්තා සඳහන් කළේ ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි .

එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා .

අමෙරිකාව සහ ජෝර්දාන ගුවන් හමුදාව ඒකාබද්ධව ගාසා තීරයට ගුවන් ආධාර හෙළීමක් පසුගියදා සිදුකළ බව විදෙස් වාර්තා සඳහන් කළා .

මේ අතර ජෝර්දානය පවසා ඇත්තේ තම ගුවන් යානයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනගහනයෙන් හතරෙන් එකක් වන ළමුන් කුසගින්නෙන් මිය යන තත්ත්වයක් උදාවී ඇති බවයි.

WhatsApp Group

Skip to content