ගාසා තීරයට ආධාර ලබාදීමට නම් දෙපාර්ශවය අවි බිම තබා වහාම සටන් විරාමයකට පිවිසිය යුතු බව ලෝක නායකයින් අවධාරණය කර තිබෙනවා.

මෙම ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් පීඩා විදින බවයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ.

මේ අතර පසුගිය පැය 24 තුළදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 700 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක 400 කට ප්‍රහාර එල්ල කළ බවයි.

එමෙන්ම ආධාර රැගත් ට්‍රක් රථ 8 ක් ගාසා තීරයට අද ඇතු`ඵ වන බව පලස්තීන අඩසඳ සංවිධානය පවසනවා.

කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ආධාර නොලැබෙන බවයි අමෙරිකානු ජනාධිපති පවසා ඇත්තේ.

මේ අතර විදුලිය, ඖෂධ සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ගාසා තීරයේ රෝහල්වලින් තුනෙන් එකක් තවදුරටත් ක්‍රියාත්මක නොවන බවට වාර්තා වනවා.

WhatsApp Group

Skip to content