ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ උතුම් වූ පරමාර්ථය මුල් කර ගනිමින් වසරක් පාසා මුස්ලිම් ජනතාව හජ් උත්සවය සමරන බවයි හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ලෝක වාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බව තමාගේ විශ්වාසය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content