ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ දේශීයව නිෂ්පාදනය කෙරෙන ආදේශන භාණ්ඩ රැකගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමඟ පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති අතර, දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා අවශ්‍ය බදු සහ ආනයනික භාණ්ඩ අතර බදු කළමනාකරණය පිළිබඳව මෙම කමිටුව මගින් සොයාබැලීමට නියමිතයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම කමිටුව සෑම සති දෙකකට වරක් රැස් වී මේ සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවයි.

 

WhatsApp Group

Skip to content