ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ලබන 28 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම කැදවා ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට ඉදිරි දින කිහිපයේ කොළඹින් පිටතට නොයන ලෙසත් , විදෙස් ගත වීමෙන් වළකින ලෙසත් දැනුම් දී තිබෙනවා.

මේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

https://www.vnews.lk/storage/2023/06/PRASANNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content