ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් අතර ආරම්භ වී ඇති යුද්ධයේ අවසානයක් දැකීම සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ මධ්‍යවාදී විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් එක්ව හදිසි එක්සත් රජයක් පිහිටුවීමට එකඟතාවය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අගමැති නෙත්නයාහු, බෙනී ගාන්ට්ස් සහ ආරක්ෂක ඇමැති යොඇව් ගලාන්ට්ගෙන් සමන්විත යුද කැබිනට්ටුවක් පිහිටුවීමට මෙහිදී එකඟ වූ බව ගාන්ට්ස්ගේ ජාතික සමගි පක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුද කැබිනැට්ටුවෙන් හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට අදාළ තීරණයක් පමණක් ගැනෙන බවත් ඉන් පිටත කිසිදු තීරණයක් නොගන්නා බවත්ය.

බෙනී ගාන්ට්ස් දේශපාලනඥයෙකු මෙන්ම හිටපු ආරක්ෂක ප්‍රධානියෙකුද වනවා.

WhatsApp Group

Skip to content