ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ විවාදයේ දෙවන දිනය අදයි.

අදත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ පෙරේදා දිනයේ දී.

ඊයේ දිනයේදී විවාදයට එක්වු ආණ්ඩු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පලකළා.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විවාදය වර්ජනය කර තිබුණා.

ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

විපක්ෂයේ කණ්ඩායම් කුමක් පැවසුවද පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ විවාදයට එක්වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ නිසි දැක්මකින් බවයි.

https://www.vnews.lk/storage/2023/02/WAKKUMBURA.mp3?_=1

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මැතිවරණය සම්බනධයෙන් මතයක් ඉදිරිපත් කළා.

https://www.vnews.lk/storage/2023/02/ANURADHA.mp3?_=2

පුජ්‍ය අතුරලියේ රත්න හිමියන් කරුණු දක්වා සිටියේ මෙලෙසින්.

https://www.vnews.lk/storage/2023/02/HIMI.mp3?_=3

 

WhatsApp Group

Skip to content