පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඊයේ දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්ඔ ඔහු සඳහන් කළේ, එම වාර්තා අස්ථානගතවීමට ලක්ව හෝ පිටු ගැලවීමකට ලක්වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

චැනල් 4 නාලිකාව සිදුකළ වාර්තා වැඩසටහන සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් පිටු අස්ථානගත වී ඇති බවට පසුගිය කාලයේදී වාර්තා වූ අතර පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, මෙලෙස ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල පිටු අඩු වී ඇති බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

WhatsApp Group

Skip to content