ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

කතානායක නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීම අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇති.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දීමට අදාළ යෝජනාව පසුගියදා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණා.

ඒ සදහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ද අද රැස්වන ව්‍යවස්ථායක සභාව අවධානය යොමු කරනු ඇති.

WhatsApp Group

Skip to content