ආණමඩුව ජයසූරිය මහා විද්යාලයේ සිසු දරු දැරියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වී සුහද කථා බහකට එක් වූහ.
ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද එම දරුවන් මඟහැර නොගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ අතර තම විද්යාලයේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව සිසුහු එහිදී ජනාධිපතිවරයාව දැනුවත් කළහ.
පාසල සඳහා පානීය ජල පහසුකම් සපයන ජල මූලය දැඩි කිවුලෙන් යුත් බැවින් දැනට නාවික හමුදාව විසින් ඉදිකරනු ලබන RO Plant පද්ධතිය කඩිනමින් ඉදිකර දෙන ලෙස මෙහිදී සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඒ සඳහා අවශ්ය කටයුතු කඩිනමින් ඉටුකර දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම විද්යාලය සඳහා පහසුම් සහිත සුහුරු පංතිකාමරයක් ලබා ගැනීම, පරිගණක ලබා ගැනීම සහ සෞන්දර්ය අංශය සඳහා ගොඩනැඟිල්ලක අවශ්යතාව පිළිබඳවද සිසුන් කළ ඉල්ලීම් ඉටු කර දෙන බවට ජනාධිපතිවරයා සහතික විය.

WhatsApp Group

Skip to content