කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා ලබා සිටි නීතිඥවරයෙකු එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

2022 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රුසියානු ඒරොෆ්ලෝට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත්කළ නියෝගයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ගුවන් පාලක මැදිරියට ගොස් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි එම නීතිඥවරයාට චෝදනා එල්ලකර තිබුණා.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි එම තීන්දුව ලබා දී තිබෙන්නේ.

අදාළ සිද්ධියේදී වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවට කරුණු අනාවරණ වී නොමැති හෙයින් ඔහු එම චෝදනාවෙන් නිදහස් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content