අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා  යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම නම් වූ විද්වත් කථිකාවේදීයි මේ පිලිබඳ යෝජනා වී ඇත්තේ.

එහිදී  අදහස් දක්වමින් ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම මහතා සඳහන් කලේ  නාට්‍ය හා රංග කලාව නමින් විෂයක් පාසල් විෂය නිර්දේශය තුළ පැවැතියත් සිනමාව එම විෂයෙන් ගිලිහී ඇති බවයි.

තවද රජය හෝ පුද්ගලික අංශය මැදිහත්වී අංග සම්පූර්ණ සිනමා පාසලක් හැකි ඉක්මණින් ආරම්භ කළ යුතු බවද හඳගම මහතා මෙහිදී ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content