අහුංගල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අහුංගල්ල මරදාන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වු 54 හැවිරිදි පුද්ගයෙකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කළ අතර එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අහුංගල්ල ප්‍රදේශයේ මීට පෙර ද වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වී තිබුණා.

WhatsApp Group

Skip to content