ජනප්‍රිය නොවන අසීරු තීරණ ගෙන රට ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

මෙරටදී එක්කලස් කරන ලද පළමු මෝටර් රථය වෙළදපොළට හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන බවට ඇති විස්වාසය මෙවන් ආයෝජන තුළින් තහවුරු වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

රටගොඩ නැගීමට එක්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් ද කළා.

බදු පැනවීම සිදුකළේ රටේ ජනතාව මුහුණ දී සිටින අසීරුතාව නොදැන නොවන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රටේ ආර්ථිකය පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

https://www.vnews.lk/storage/2023/02/RANIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content