ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජය අතර පැවැත්වෙන දෙවැනි තරගය කාම්බෝජයේදී අද මෙරට වේලාවෙන් රාත්‍රි 8.30ට ආරම්භ වනවා.

දෙරට අතර පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූණා.

ඒ හේතුවෙන් අද තරගය දෙපිලටම තීරණාත්මක සාධකයක් වනු ඇති.

මෙම තරගයේදී නියමිත කාලයේදී තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුවහොත් අතිරේක කාලයක් ලබාදීමට පියවර ගැනෙන අතර එහිදී ද විසදුමකින් තොරව අවසන් වුවහොත් දඩුවම් පහර මගින් ජයග්‍රාහකයා තිරණය කිරීමට නියමිතයි.

මේ වන විට ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරණයේ කාම්බෝජය 180 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 205 වන ස්ථානයේයි.

WhatsApp Group

Skip to content