කිරි පානය කිරීමෙන් ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ පෙර පාසලක දරු දැරියන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
දරු දැරියන් 12 දෙනකු මෙලෙස රෝහල් ගත කොට ඇති බවයි කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලේ වැඩසටහනක් අතරතුර එම දරුවන්ට රස කළ දියර කිරි වර්ගයක් ලබා දී තිබෙනවා.
එය පානය කිරීමත් සමඟ දරුවන්ට ක්ලාන්තය, වමනය සහ බඩ රිදුම් ඇතුළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගෙන ඇති අතර පසුව ඔවුන් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
රෝගීවූ දරු දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.