අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ නාමලේඛනය අද දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි .

මේ අතර සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති නාමලේඛන කිසිදු සංශෝධනයකට භාජනය නොකර අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා හිමි වූ කිසිදු පුද්ගලයෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අදාළ දීමනා කප්පාදු කිරීමකින් තොරව ලබාදෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ.

එම පුද්ගලයින් සඳහා ලබාදෙන දීමනා පිළිබඳ අලුතින් අයදුම්කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරා ඇති බව ද සඳහන් .

මේ අතර දුප්පත් ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බැවින් අස්වැසුම ලේකන නැවත සකස් කරන ලෙස රජයට සදහන් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

කොළඹ විපක්ෂනායක කර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content