අස්වැසුම සමාජ සුභසාධන වැඩපිළිවෙල යටතේ දැනට ලැබී ඇති අභියාචනා පිළිබද සොයා බැලීමට අදාළ විමර්ශන කමිටු ලබන සතියේ පත් කිරීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කමිටු ස්ථාපිත කිරීමට නියමිත බව රජය පවසනවා.

ලබන ජූලි 10 වන දා දක්වා අස්වැසුම වැඩපිළිවෙල සදහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා.

මේ අතර ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම මුදල් ප්‍රමාණය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සදහා යෙදවීමටයි එකඟතාවය පළ වී ඇත්තේ.

ඒ අනුව එම මුදල් අස්වැසුම සමාජ සුභසාධන වැඩපිළිවෙල වෙනුවෙන් යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content