අස්වැසුම ව්‍යාපෘතිය සදහා මේ වන විට අභියාචනා හාර ලක්ෂ අනු එක්දහසක් සහ විරෝධතා හයදහස් හත්සිය අසු තුනක් ලැබි ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා .

එම අභියාචනා සහ විරෝධතා සලකා බලා අඩු අදායම්ලාභින්ට සාධාරණයක් ඉටු වන සේ අදාළ වැඩසටහන තුලින් සහන ලබාදෙන බවයි ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ .

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය බල මණ්ඩලයේ නිලධාරින් තොරාපත් කර ගැනිම සදහා පැවති රැස්විමට එක් වෙමින්.

මෙරට පිඩාවට පත්වි සිටි ජනතාව ඉන් මුදාගත් නායකයා වත්මන් ජනාධිපතිපතිවරයා බව ද සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/07/SAGALA-EDIT-.mp3?_=1

මේ අතර දිළිඳු පුද්ගලයින්ට පැහැදිලි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින්.

https://www.vnews.lk/storage/2023/07/PATALI-CHAMPIKA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content