‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් ඒ පිලිබඳ දන්වමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content