අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ඊයේ පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දුන්නා.

https://www.vnews.lk/storage/2023/07/DINESH-EDIT.mp3?_=1

මේ දිනවල අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්‍ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකෙරෙනවා.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට පසුගිය දිනවල බැංකු ගිණුම් විවෘත කිරීම සදහා දිගු පෝලිම් පැවති අතර ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා.

WhatsApp Group

Skip to content