අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දිනයේ බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට මෙම මුදල් ලබා දීමට කටයුතු කරන බවයි එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සදහන් කළේ.

මේ අතර විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content