අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විධිමත් බවක් නොමැති බැවින් එය කඩිනමින් නිවැරදි කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දන්වා තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායකවලට මුලිකත්වය දී කටයුතු කරන ලෙසයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත එම කාරක සභාව උපදෙස් ලබාදී ඇත්තේ.
මේ කරුණු සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතා කරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එම කාරක සභාව හමුවේ පවසා තිබුණා.

WhatsApp Group

Skip to content