අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබෙනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙම්න්.

අතිරික්ත වී නිෂ්පාදනයක් කළ හැකි බවත්, වනාන්තර හැර මේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම සංවර්ධනය කළ හැකි ස්ථාන සංවර්ධනයට යොමු කරමින් ස්වයංපෝෂිත කළ හැකි බවත් එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මිට අමතරව විදේශ විනිමය  උපයා ගතහැකි කාර්යයන් සඳහා රට යොමුවිය යුතු  බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා.

පශ්චාත් අධ්‍යාපන අවස්ථා දරුවන්ට ලබාදීම සඳහා වූ වැඩපිළිවෙළක් හරහා ඉදිරියට ගමන් කළ යුතු බව හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම සම්බන්ධ වන පරිදි පොදු සැලැස්මක් සකස් කර එය සංවර්ධනය සඳහා මඟ පෙන්වන සැලැස්මක් බවට පත් කරගත යුතු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කලේ අස්වැසුම වැඩසටහනේ ප්‍රමාදයන් හා ගැටළු නිවැරදි  කරගැනීමට අවශ්‍ය  පියවර යොමු කර තිබෙන බවයි.

WhatsApp Group

Skip to content