අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි මේ තීරණය ගෙන ඇත්තේ.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ පිරිසට ඉදිරි සතියක කාලය තුළ ඒ සඳහා අවස්තාව ලබා දීමටද එහිදී තීරණය වී තිබෙනවා.

දෙවන අදියර සඳහා මේ වන විට අයදුම්පත් හාර ලක්ෂ හැත්ත පන්දහසක් ලැබී ඇති අතර ඉන් අයදුම්පත් හාර ලක්ෂ පනස්දහසක් තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content