අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් අද දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා .

එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට මෙය ලබා දෙන බවයි .

මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු ද මේවනවිට සිදුවන බව සදහන් .

විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් කියාසිටියා .

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවු අතර ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය 28 දින බැංකු වෙත නිකුත් කරනු ලැබුවා .

 

WhatsApp Group

Skip to content