අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමේ කටයුතු මෙම මාසය තුළ අවසන් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අස්වැසුම වැඩසටහනේ ප්‍රගතිය පිළිබද ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.

විරෝධතා සහ අභියාචනා සමාලෝචනය අවසන් වන විට ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව මිලියන දෙක සම්පුර්ණ වනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content