ඇස්වැසුම ප්‍රතිලාභින් 14,000ක් සවිබල ගැනීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

පශු සම්පත් අමාත්‍යංශය මගින් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අනුප පස්කුවල් මහතා සදහන් කළේ.

තල් , කිතුල් සහ පොල් වැනි බෝග සදහා ප්‍රමිතිගත රා බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවත් කෘතිම නිෂ්පාදන වෙනුවට ස්වාභාවික මධ්‍යසාර නිපදවා දෙස් විදෙස් අලෙවිය සදහා මුදා හැරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content