ලබන මාසයේදී අස්වැසුම සදහා නැවත අයදුම් කිරීමේ අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ, මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දෙන බවයි.
මේ අනුව පසුගිය වර තිබූ අඩුපාඩු හඳුනාගෙන වඩාත් නිවැරදිව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 205 ක් වෙන්කළ බවයි.

WhatsApp Group

Skip to content