අස්වැසුම සමාජ සුබසාධන දීමනා සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ඩී.විජේරත්න මහතා පැවසුවේ ඊට අදාළව විරෝධතා 6,783ක් ලැබී ඇති බවයි.

අස්වැසුම වැඩසටහන පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදහස් ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී කිසිවෙකු අත්නොහැරෙන ලෙස කටයුතු කරන ලෙසයි.

ඒ අනුව අස්වැසුම වැඩසටහන සදහා ලියාපදිංචි වීමට නොහැකිවුවන් සදහා අගෝස්තු මාසයේ දී ඒ සදහා යළි අවස්ථාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මේ අතර අස්වැසුම වැඩසටහන පිළිබද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/WASUDEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content