පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවැරදි නොවන චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීම අරමුණ බවයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත එම තරගාවලිය සම්බන්ධයෙන් කැප වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

මේ අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය යළි ස්ථාපනය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 1.5 ක් වියදම් කර ඇති බවට කර ඇති චෝදනාව අසත්‍ය බවත් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content