අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා ඇතුළත් වෙබ් ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වෙබ් ජනමාධ්‍යවේදියෙකු වරදකරු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර විත්තිකරු අධිකරණය මගහැර රටින් පිටව ගොස් ඇති බැවින් විත්තිකරු නොමැති අවස්ථාවක අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගය සිදු කර තිබුණා.

WhatsApp Group

Skip to content