පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් සිදු කරන දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා .

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් මෙම අශ්වයින්ට ලබාදෙන ආහාර ආනයනය කිරීම අපහසු වීමත් සමග දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් ආරම්භ කිරීමටයි කටයුතු කලේ .

ඒ අනුව, පසුගිය මාස තුනක කාලයේදී අශ්වයින්ට කොල්ලු, කඩල, මුං ඇට සහ බඩඉරිගු වැනි දේශීය ආහාර ලබාදීමට පියවර ගෙන තිබුණා .

ඒ අනුව මේ වන විට මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content