උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වෙන බව කාලගුණ අංශ සඳහන් කරයි.

ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ.

WhatsApp Group

Skip to content