අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජාතික පෝෂණ මාසයට සමගාමිව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති බව සදහන්.

පවුල් සෞඛ්‍ය කාර්යාලංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළේ මේ යටතේ දරුවන්ගේ බර, උස හා කෘෂ බව මෙහිදි පරීක්ෂා කරන බවයි. පවුල් සෞඛ්‍ය නිලධාරින් මගින් එම සමීක්ෂණය සිදු කරන බවද ඇය ප්‍රකාශ කළා.

පසුගිය වර්ෂයේදී කරන ලද සමීක්ෂණයට අනුව අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 15 ක් අඩු බර දරුවන් ලෙස හදුනාගෙන ඇති බවද සදහන්.

මීට සමගාමිව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද ක්‍රියාත්මක බවටයි පවුල් සෞඛ්‍ය කාර්යාලංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content