අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්‍යයන කටයුතු අතපසු වෙමින් යාමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පත් ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

අමාත්යවරයා සඳහන් කළේ මේ සියල්ල සිදු කරන්නේ දරුවන්ගේ අපතේ යන කාලය බේරා දෙමින් නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 වන විට ප්රථම උපාධියත් පශ්චාත් උපාධි වයස 23නුත් ආචාර්ය උපාධියක් වයස 27 වන විටත් සම්පූර්ණ කළ හැකි වන පරිදි අධ්යාපනය ලැබීමේ අයිතිය දරුවන්ට තහවුරු කර දීමේ පදනම සැකසීමේ අරමුණ පෙරදැරි ව බවයි.

WhatsApp Group

Skip to content