2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් සහ අධි බර මෙන්ම ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

2023 පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව මෙම වෙනස පෙන්නුම් කරන බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ.

ජාතික පෝෂණ මාසය වෙනුවෙන් 2023 සංක්ෂිප්ත පෝෂණ දත්ත එළි දැක්වීම සහ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ඊයේ එක්වෙමිනුයි ඇය මේ බව සදහන් කර සිටියේ.

WhatsApp Group

Skip to content