චැනල් 4 වාර්තාව සහ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යත්ර පරික්ෂණයක් සදහා එක්සත් ජාතීන්ගේ මෙරට පිහිටි කාර්යාලයලට ලබා දීමට නියමිත ලිපිය ලබා ගැනීම සඳහා එම කාර්යාලයේ නියෝජිතයකු තම නිවසට පැමිණෙන බව දන්වා ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කලා.

චැනල් 4 වාර්තාව සහ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සදහා ලිඛිත ඉල්ලිමක් සිදු කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශයක් සිදු කර තිබුනා.

අද පොළොන්නරුවේ පැවති වැඩසහටනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිලිබඳ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/09/MAITHREEPALA-SIRISENA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content