කුකුළු මස් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් කුකුළු මස් නිෂ්පාදකයන් අඩු මිලක් ඉදිරිපත් කරද්දී, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි මිලක් ගණනය කර ඇති බවට වාර්තාවනවා .

අලුත් අවුරුදු සමයට පාරිභෝගික ජනතාවට කුකුළු මස් හිඟයකින් තොරව සැපයීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා කුකුළු මස් නිෂ්පාදකයන් අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණා .

එහිදී කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටියේ උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1150කට අලෙවි කිරීමට හැකි බවයි. එමෙන්ම හිඟයකින් තොරව වෙළෙඳපොළට කුකුළු මස් නිකුත් කිරීමට හැකි බවයි .

WhatsApp Group

Skip to content