අලුත් අවුරුදු මාසය තුළ දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකියාව පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෙසේවෙතත් මේ වනවිට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේ අලෙවි වනවා.

අප්‍රේල් මාසය හෙවත් උත්සව සමයේ දී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පාර්ශව සිදු කළ ප්‍රකාශ වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content