වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක්, වී අලෙවි මණ්ඩලය ඊයේ (04) වනවිට මිල දී ගෙන ඇති බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

ඊයේ පස්වරුවේ වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරන වී මිල දී ගැනිම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් වී කිලෝග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගෙන ඇති බවත්, වී මිල දී ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය තරම් මුල්‍ය ප්‍රතිපාදන ඇති බවයි.

කෙසේ වුවද අද (05) සිට සිංහල අලුත් අවුරුදු උත්සවය අවසන් වන තෙක් වී මිල දී ගැනිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළ සභාපතිවරයා අලුත් අවුරුදු නිවාඩුව අවසන් වූ වහාම වී මිල දී ගැනීම් යළි අරඹන බව ද සඳහන් කර තිබිණි.

WhatsApp Group

Skip to content