එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අවශ්‍යතාවය පරිදි හිඟයකින් තොරව වෙළෙඳපොලට ප්‍රමාණවත් තරම් ළූණු තොග සැපයේද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ළූණුවල මිල ගණන් අඩු කිරීම සඳහාත් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ පසුගිය දිනවල පැවති ළූණු හිඟය හා අධික ලෙස ඉහළ ගිය මිල පාලනය සඳහා ආදේශකයක් ලෙස තාවකාලිවක ආනයන සිදුකරන රෝස ළූණුවල වෙළෙඳපොළ තත්ත්වය විමසීම යන කරුණු කිහිපයක් මුල්කොට ගෙන මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති ජයන්ති විජේතුංග ඇතුළු නිලධාරීන් හා ළූණු ආනයනකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

WhatsApp Group

Skip to content