අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට සිදු කරන ලද වෙඩි තැබීමකින් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් සහ 36 ක් වන තල්දූව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සදහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන්ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සදහා පැමිණි සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන අවිස්සාවේල්ල පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content