අවිස්සාවේල්ල, මාදොළ ප්‍රදේශයේ යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක සිදු වූ හදිසි පිපිරීමකින් එහි සේවකයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව අවිස්සාවේල්ල් පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමගින් යකඩ බඩු ගොඩ ගසමින් සිටින අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බවට අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.

පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ ස්ථාන පරීක්සක නිලදාරීන් කැඳවා ඇති අතර රජයේ රස පරික්ෂක නිලධාරීන්ද කැඳවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය අවිස්සාවේල්ල් ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


අවිස්සාවේල්ලෙ පිපිරීමක් – පුද්ගලයෙක් මරුට [Feb 6, 2024 at 16:35 ]

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.

අවිස්සාවේල්ල මාදොළ ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය කියා සිටියේ.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද පොලිසිය පවසනවා.

WhatsApp Group

Skip to content