ඇල්පිටිය – අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස පිරිසෙන් කිහිප දෙනෙකු බවයි පොලිසිය සඳහන් කලේ.
ඒ අනුව 68 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ සත් හැවිරිදි මිණිපිරිය අදාළ අනතුරින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය ත්‍රිරෝද රථ රියදුරුගේ බිරිඳ . දියණිය සහ 18 හැවිරිදි මිණිපිරිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content