අවාරයේ ශ්‍රීපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රීපාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර ශ්‍රීපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපිත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .

අදාළ බලපත්‍ර කවුළු දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් විවෘත බව සඳහන්.

රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන් ගේ චර්යාවන් පිළිබද වනජීවි නිලධාරීන් නිරන්තර සෝදිසියෙන් සිටින අතර, අවාරයේ දී කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බව ද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content