අවසරයකින් තොරව අවාරයේ සිරිපා වන්දනාවේ නිරතවීම තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා.

අද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.

මේ දිනවල ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම අවධානම් බවයි නන්දන ගලබඩ මහතා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමේදී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබද නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කළ යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/NANDANA-GALABADA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content